pokunuwita sri vinayalankaramaya (burmese temple)

About

බුරුම ජාතික ඌ. විනයාලංකාර නාහිමියන් වහන්සේගේ ගිහි නම වූයේ “මියන් කයි” ය. උන් වහන්සේ මියන්මාරයේ මොන් ප්‍රාන්තයේ මෝලමියයින් දෛවන්සැවේන් ටන්පින්ගොන් හිදී මියන්මාර් වර්ෂ 2140-10-12 වන (අටවක) බදාදා දින උපත ලැබීය. උන්වහන්සේගේ පියා ඩො කො වන අතර මව යූ. සින් ය. උන් වහන්සේ වයස අවුරුදු 11 දී පැවිදි වූ අතර උපාධ්‍යායන් වහන්සේ වූයේ භදන්ත සීලා හිමියන් ය. බුරුමයේ වසර 12 ක පමණ කාලයක් ධර්ම විනය හැදෑරූ අතර ඒ කාලය තුළ දී උන්වහන්සේ උපසම්පදා වූහ.ඉන් අනතුරුව ක්‍රි. ව. 1901 දී ලංකවට වැඩම කළ අතර හොරණ කුලුපන වැරුලලහේන කන්දේ ගල් ලෙනක මාස තුනක පමණ කාලයක් වැඩ වාසය කළ උන්වහන්සේ ඉන් අනතුරුව පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය ඇරඹූහ.

ඉන් අනතුරුව ක්‍රි. ව. 1901 දී ලංකවට වැඩම කළ අතර හොරණ කුලුපන වැරුල්ලහේන කන්දේ ගල් ලෙනක මාස තුනක පමණ කාලයක් වැඩ වාසය කළ උන්වහන්සේ ඉන් අනතුරුව පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය ඇරඹූහ. ඉන් පසුව උන් වහන්සේ ආරම්භ කළ විහාරස්ථාන අතර කොළඹ 10 සුදුවැල්ල ශ්‍රී විනයාලංකාරාරාමය, කොළඹ 10 දෙටගොඩ මකුටාරාමය, ඩී. එස්. සේනානායක පාරේ ශ්‍රී විනයාලංකාරාරාමය මෙන් ම අනුරාධපුර විනයාලංකාරාරාමය යන විහාරස්ථන ද විය. උන්වහන්සේ 1907-02-07 වන ගුරු දින ඌ. ගුණාභිදාන මහා ස්ථවිරයන් ප්‍රමුඛ විංශත් වර්ගික භික්ෂූන් විසින් පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සීමා මාලකය වන “ම්‍රම්මවංශික ශාසනමූල විශුද්ධි සීමා” ව පිහිටුවූහ.

ඌ විනයාලංකාර බුරුම හාමුදුරුවෝ කලක් වැඩ සිටි වැරල්හේන කන්දේ පිහිටි ගල් ගේය.

එසේම 1938 දී රුවන්වැලි මහා සෑයේ වර්තමානයේ දක්නය ලැබෙන මැණික් එබ්බූ රන් කොත සහ චූඩා මාණික්කය බුරුම ජාතික බෞද්ධයන්ගේ ආධාර ඇතිව පූජා කළ අතර මහනුවර දළඳා මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම හා එහි පසුපස ගොඩනැගිල්ල ඉදි නිරීමට ද දායක විය. උන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාතනයේ උන්නතිය උදෙසා කරන ලද සේවාවන් ඇගයීමක් වශයෙන් එවක ලක් රජය විසින් කොළඹ මරදාන සුදුවැල්ලේ “විනයාලංකාර මාවත” නම් කොට ඇත. උන්වහන්සේ කොළඹ 10 ශ්‍රී විනයාලංකාරාරාමයේ දී 1957-04-11 දින අපවත් වී වදාළහ.

ඌ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී කුල දරුවන් 27 දෙනෙක් පැවිදි කළහ. ඒ මෙසේය.

කිදෙල්පිටියේ විනයවිසුද්ධි හිමි.
කබැල්ලාගොඩ අග්ගධම්මාලංකාර හිමි.
මස්විල වංසාලංකාර හිමි.
මීමන කවිස්සර හිමි.
වැලිතර ජිනවංස හිමි.
බටුවිට උක්කට්ඨවංස හිමි.
කනේවල අමරවංස හිමි.
කනේවල මංගල මෝලි හිමි.
වැලිගම්පිටියේ මංගලජෝති හිමි.
වැලිගම්පිටියේ විනය ජෝති හිමි.
මීමන උක්කට්ඨමෝලී හිමි.
පොකුණුවිට ඛේමාලංකාර හිමි.
කොළමැදිරියේ වංසාලෝක හිමි.
හාන්දුපැල්පොල ආදිච්චවංස හිමි.
කුළුපන විමලබුද්ධි හිමි.
රයිගම අරියාරාම හිමි.
වැලිගම්පිටියේ අමතගවේසී හිමි.
වැලිගම්පිටියේ උක්කංසඤාණ හිමි.
කුළුපන සච්චානන්ද හිමි.
කුඹුකේ ඨානින්ද හිමි.
වැලිගම්පිටියේ ඨානගවේසී හිමි.
කුළුපන ඨානිස්සර හිමි.
හේනේගම රතනරංසි හිමි.
කුළුපන අමතජෝති හිමි.
කුළුපන විශුද්ධිරංසි හිමි.
වැලිතර මහිද්ධික හිමි.
රේරුකානේ චන්දවිමල හිමි.