Author Archives: Author

රේරුකානේ මහ නාහිමියන්ගේ මහා ශාසන සේවයට වසර 106යි.

යම්හා ධම්මං විජානෙය්‍ය – සම්මා සම්බුද්ධ දේසිතං

සක්කච්චං තං නමස්සෙය්‍ය – අග්ගිහුත්තං ව බ්‍රහ්මණෝ

බුදු රජාණන් වහන්සේ විසින් දේශිත දහම යමකුගෙන් දැනගත හැකි වූයේ නම් ගණ දෙවියන් පුදන බමුණා සේ ඔහුට නමස්කාර කළ මනා ය. බුදු දහම අපට මිහිඳු මහ රහතන් වහන්සේ වසර 2311කට පෙර ළ`ගා කර දුන් නමුත් දීප්තිමත් ශාසන සේවයකින් පසු යටත් විජිත පාලකයන් විසින් දුර්වල කරන ලදුව කෝට්ටේ මහනුවර යුග වන විට මහණකම නැවත ස්ථාපිත කළ යුතු තරමට පිරිහී ගියේ ය.

සියමෙන් උපසම්පදාව ලබා නැවත ප්‍රකෘතිමත් කළ සංඝ ශාසනයෙන් ද ප්‍රතිපත්ති ශාසනය දියුණු කිරීමට වඩා සිදු වූයේ කාලීන අවශ්‍යතාව සපුරා ලමින් පූජාව, දානය වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ජනතාව පවට බය කර සුගතිගාමී මගකට යොමු කිරීම පමණකි.

1948 දී නිදහස ලබා ජාතියක් වශයෙන් නැගී සිටීමේ අවස්ථාව උදා වූ නමුත්, එම පාලනයෙන් උරුම කර දුන් සංස්කෘතියන්, පාලන රටාවත් ජාතිකත්වය කෙරෙහි අප යොමු නො කළේ ය. මේ අවශ්‍යතාව අනගාරික ධර්මපාල තුමන්, එල්. එච්. මෙත්තානන්ද මහතා, බද්දේගම විමලවංශ නාහිමි ආදී බොහෝ ජාති හිතෛෂීන්ගේ මග පෙන්වීමෙන් ජාතිකත්වය අගයන රජයක අවශ්‍යතාවත්, භාෂාවට හා බුද්ධාගමට නිසි ගෞරවය ලැබීමේ වුවමනාවත් යළි යළි මතු කළේ ය.

බණ්ඩාරණායක ශ්‍රීමතුන්ගේ ජාතිකත්වය අගයන ආණ්ඩුවත් 2500 බුද්ධ ජයන්තියත් ඒ උද්දාමයේ ප්‍රතිඵලයකි. ඒ නිසා ඇති වූ ප්‍රතිඵල විපුල ඵල නෙලමින් රටට ළ`ගා කළ යහපත වෙනම ම සාකච්ඡා කළ යුත්තකි.

රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශිය කි්‍රයාශීලියකු ලෙස හා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහ`ඩව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි.

මේ වන විට බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බුරුමයට ගොස් ත්‍රිපිටකය හදාරා උපසම්පදා වී ලක්දිව සැපත්ව සිටි උන්වහන්සේ තම භාෂා දැනුම ද ප්‍රගුණ කරගෙන zහරි බුද්ධාගම් කාරයකු වන්නේ කෙසේ ද යන අදහස ජනතාව අතර ප්‍රචලිත කරන්නට ආරම්භ කළහ. අවබෝධය නැතිව කරන කුශලයට වඩා අවබෝධයෙන් ත්‍රිහේතුක කුශලයක් කිරීමෙන් ලබන ආනිසංසයේ ස්වභාවය තේරුම් කරන්නටත්, භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් සිතෙහි සැනසීම මෙන්ම සසර ගමනෙහි ආදීනව තෙරුම් ගැනීමටත් ජනතාව යොමු කිරීම උන්වහන්සේගේ අදහස විය.

මේ අරමුණ ඇතිව උන්වහන්සේ අතින් ලියවුණු බෞද්ධයාගේ අත්පොත, පුණ්‍යෝපදේශය, සූවිසි මහ ගුණය, මංගල ධමජ් විස්තරය, පොහොය දිනය, බෝධි පූජාව, බුද්ධ නීති සංග්‍රහය, බෝධිපාක්ෂික ධර්ම විස්තරය, පාරමිතා ප්‍රකරණය, ධර්ම විනිශ්චය, නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය, අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, කෙලෙස් එක්දහස් පන්සීය, පට්ඨාන මහා ප්‍රකරණ සන්නය, අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය, චතුරායœ සත්‍යය, විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති, පටිච්ච සමුප්පාද විවරණය, ශාසනාවතරණය, උපසම්පදා ශීලය, විනය කර්ම පොත, අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය ආදී පොත් තිහක් පමණ වෙයි. 1947 දී උන්වහන්සේ ලියූ පොත් ප්‍රථම වරට මුද්‍රණයෙන් එලි දැක්විය යුතු යයි කල්පනා කළේ උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය ගොඩිගමුවේ සෝරත හිමිපාණෝ ය. 1954 පමණ දක්වා මේ කාර්‍ය්‍ය සාර්ථක කළ උන්වහන්සේගේ අභාවයෙන් පසු ශාස්ත්‍රවේදී පූජ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම හිමියන් එම සත් කාය්‍යට උර දුන්හ.

එහෙත් මූල්‍ය සම්පාදනයේ අපහසුතා නිසා මේ පොත්වල පැවැත්ම දුර්වල විය. වරකට පොත් 5-6කට වඩා පොත් හලකින් ලබා ගන්නට නොහැකිව තිබිණ.

මේ කාලය වන විට නාහිමියන් ගේ පොත් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස පැවිදි බව ලබා සිටි පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන්, දැක නොතිබුණු තම පූජනීය ගුරුවරයාට උවටැන් කිරීම පිණිස නාහිමියන් වෙත වැඩම කර සිටියහ. පොත්වල වටිනාකම ප්‍රායෝගිකව ම දැන සිටි උන්වහන්සේ මේ පොත් නොකඩවා පවත්වාගෙන යාමේ වැදගත් කම සළකා ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීම කෙරෙහි සංවිධායකු විය.

සමකාලීන විද්වතුන්ගේ මහත් ගෞරවාදරයට පත් වූ මේ පොත් පෙල බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් හැඳින්වූයේ ත්‍රිපිටකය තේරුම් ගන්නට මේ පොත් ටිකම කියවීම ප්‍රමාණවත්˜ බව ය. චන‍ද්‍රරත්න මානවසිංහයන් එය දුටුවේ 2500 බුද්ධජයන්තිය අරබයා නිහ`ඩව කළ හොඳම සේවය˜ ලෙස ය. අවංකව මධ්‍යස්ථව බලන්නේ නම් මේ වන විට ලක්දිව බොහෝ පන්සල්වල අත් පොත් බවට පත්ව ඇත්තේ රේරුකානේ නාහිමියන්ගේ පොත් ය. වර්තමාන භික්ෂූන් වහන්සේලාගේ දැනුමේ කේන‍ද්‍රස්ථානය මේ පොත් පෙල ය. 1987 දී ආරම්භ කරන ලද සංරක්ෂණ ක්‍රියාදාමය අද වන විට ඉතා සාර්ථකව මහජන ගරු බුහුමන හා අනුබලය ලබමින් ක්‍රියාත්මකව පවතී.

මේ වකවානුව තුළ මුද්‍රණ තාක්ෂණයේ සිදු වූ වෙනස් කම් අනුව යමින් පැහැදිලි නිමාවෙන් යුත් පොත් පෙලක් පවත්වාගෙන යන්නට හැකි වූ නමුත් අන්තර්ජාල පහසුකම් නො සැලසුනොත් තරුණ පරපුරට මේවා ප්‍රයෝජන ගන්නට නො ලැඛෙන බව පෙනී ගිය බැවින් ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව ද මතුව ඇත. එසේ නිවැරදි සරල පොත් මගින් තරුණ පරපුර වෙත බුද්ධ ධර්මය ළ`ගා කරන්නට නුපුළුවන් වන්නේ නම් බණ වැනි බණ, වැරදි බණ˜ වලට ඔවුන්ගේ මනස කොටු වීම ස්වභාවික ය.

දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි¡ එසේ ම 2012 ජනවාරි 08 වන දින රේරුකානේ නාහිමියන්ගේ 106 වන ජන්ම සංවත්සරය යි. බුද්ධඝෝෂාචාර්‍ය්‍යන් වහන්සේ ලක්දිවට පැමිණ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා කළ මෙහෙයට නොදෙවෙනි ශාසන මෙහෙයක් කළ රේරුකානේ නාහිමියන්ගේ වගතුග, පොත් පෙල, ධර්ම දේශනා www.rerukanemahanahimi.lk වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා එම වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාව 2012 ජනවාරි 08 වන පුන් පෝදා පෙ. ව. 8.30ට පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමස්ථ ශ්‍රී චන්දවිමල සද්ධර්ම සාගර ශාලාවේ දී උදා වේ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා මෙකල කළ හැකි උදාර කාය්‍යයක් ලෙස එය සළකමු.

Anjalikaraneeyo

Rerukane Chandawimala

The most Venerable Maha Nayaka Thera

Honoured both by the deity and human beings alike, The glorified son of Gauthama the Buddha, Venerable Chandawimala Thera and his qualities infinite, Down at his feet I lie, to pay due reverence

Ever glowing with simple, content, exemplary mode of living, Counselled others while remaining himself resolute and Awakened those ignorant towards imaginative insight, Down at his feet I lie, to pay due reverence

In lucid simple language, The Three Pitakas he did reproduce, Thus, let people worldwide imbibie the nectar of Dhamm. In his treasured volumes, he the moon, illuminates the Sasana sky. Down at his feet I lie, to pay due reverence

Adept in the sublime excellence of Doctrine – The Dhamma, Being the sun and moon in the skies of  the Sangha Community He-the ocean of virtues, enriched with sound sagacity.

Down at his feet I lie, to pay due reverence

Replete with the fragrance of virtue and rituals, he Achieved the Blissful Haven, passing the boundaries of Sansara.   And his profound spiritual excellence worthy of salutation, Down at his feet I lie, to pay due reverence

Jayaweera D. Gunarathna

DAILY NEWS22 / 02 / 2006

මහා නාහිමියන්ගේ ශාසනික සේවා

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ මහ නායක පදවිය හෙබවූ, සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, මහාචාර්ය පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ, උතුම් පැවිදි ජීවිතය අවුරුදු 91 ½ ක් පමණ ගතකළ සියවසක් ජීවත් වූ ත්‍රිපිටක ධර්මය ගැන අති විශිෂ්ඨ දැණුමක් ඇතිව ඉතා උසස් මානසික දියුණුවක් ලබාගෙන සිල්වත් ගුණවත් කමින් පරිපූර්ණව තමන් වහන්සේ දියුණු කරගත් ධර්ම ඥානයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකොට නිශ්සරණාධ්‍යාසයෙන් යුතුව උන්වහන්සේටම ආවේනික වූ සුවිසද ලේඛකත්වයෙන් පළමු ලියන අත් පිටපත ම කිසිදු සකස් කිරීමකින් තොරව මුද්‍රණයට දීමට සුදුසු පරිදි ත්‍රිපිටකයේ සාරාංශය යැයි කිව හැකි පරිදි කියවන ජනයාගේ හදවත ශ්‍රද්ධාදී ගුණධර්ම වැඩෙමින් දහම නොදැනීමෙන් නොමගට බරවූ අයගේ සිත් සතන් පවා දහමට නැඹුරු කරන පුදුම ශක්තියකින් යුතුව කියවන ජනයාට නිරවුල්ව නිවැරදිව තේරුම් ගැණීමට පහසු වන පිරිදි ගිහි පැවිදි දෙපක්ෂයටම එකසේ ප්‍රයෝජනවත් වන පරිදි ධර්ම ග්‍රන්ථ 27 ක් පමණ ලියා සම්බුද්ධ ශාසනයට අද්විතීය සේවාවක් සිදුකොට වදාළ මහෝත්තමයන් වහන්සේ නමකි.

මහා නාහිමියන්ගේ ශාසනික සේවා අතරින් ඉහළින්ම කැපී පෙනෙන්නේ ලේඛකයෙකු වශයෙන් කළ උදාර සේවයයි. ගිහි පැවිදි දෙපක්ෂයටම ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථ රාශියක් (30ක් පමණ) උන්වහන්සේ මෙතෙක් ලියා ඇත. සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ අයෙකුට පවා පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකි සේ ත්‍රිපිටක ධර්මයේ ගැඹුරු ධර්ම කොටස් පවා ඉතා ලිහිල්ව ලිවීමට උන්වහන්සේට ඇත්තේ සහජ දක්ෂතාවයකි.

1986. 08.12 වන දා බුදුසරණ

රේරුකානේ චන‍දවිමල මහනාහිමිගේ දහම් පොත්

🟡 බෞද්ධයකු වශයෙන් දතයුතු මූලික කරුණු ඇතුළත් පොත්

1. බෞද්ධයාගේ අත්පොත – බෞද්ධකම උපතින් හිමිවන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමටත්, බෞද්ධයකු වශයෙන් හැසිරීමට අවශ්‍ය හැදියාව ලබා ගැනීමටත් මුලින්ම කියවිය යුතු පොතකි.

2. පු‍ණ්‍යෝපදේශය – බෞද්ධයන් කරන වන්දනා පූජා උසස් ප්‍රතිඵල ලැබෙන අයුරින් කරන හැටිත්, ග්‍රහ අපල අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගැනීමට බෞද්ධයකු වශයෙන් කළ යුතු වැඩත් මාතෘකා 14 ක් යටතේ විස්තර කළ පොතකි.

3. සූවිසි මහ ගුණය – තෙරුවන් ගුණ සූවිස් (24) ශ්‍රද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇත. බෞද්ධ සාහිත්‍ය කෘතියක් වශයෙන්ද රසවත්ව කියවිය හැකිය.

4. මංගල ධර්ම විස්තරය – මහා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 සරලව පැහැදිලි කරයි. ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ආගම් භේදයකින් තොරව හැමදෙනා විසින් කියවිය යුතු ග්‍රන්ථයකි.

5. පොහොය දිනය – සීල සමාදානය සාර්ථක කරගැනීම සඳහා කියවිය යුතු පොතකි. පොහෝ දින කළයුතු වන්දනා, පූජා, භාවනා ආදී කටයුතු පිළිබඳ විස්තර ඇත.

6. බෝධි පූජාව – අද බහුලව කෙරෙන පිංකමකි. නියම ප්‍රතිඵල ලැබිය හැකි ආකාරයෙන් බෝධි පූජාව කරන ආකාරය මේ පොතින් දැනගත හැකිය.

7. බුද්ධ නීති සංග්‍රහය – සත්ත්වයාගේ මෙලොව පරලොව යහපතටත් නිවන් ලැබීමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි. උපදේශ ගාථා 550 ක් ඇසුරින් සකසා ඇති මෙය ඉගැන්වීමටද සුදුසුය.

8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය – නිවන් දැකීමට උපකාර වන ධර්ම 37 විස්තර කරන පොතකි. නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.

9. පාරමිතා ප්‍රකරණය – නිවන් ලැබීම උදෙසා කරන පින්කම් පාරමිතා නම් වේ. ඒ දහයක් මේ පොතෙහි විස්තර කර ඇත. පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.

10. ධර්ම විනිශ්චය – බෞද්ධයන් අතර ඇතිවන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්‍රශ්න 100ක් ඇතුළත් පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ලබා ගත හැක.

11. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය – බෞද්ධයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වූ නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනරුත්පත්ති ක්‍රමයත් පැහැදිලි කරයි.

🟢 අභිධර්මය හදාරන්නන්ට වැදගත් පොත්

12. අභිධර්මයේ මූලික කරුණු – චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අභිධර්මය පිළිබඳ මූලික දැනුම ලබාගැනීම ප්‍රයෝජනවත්ය.

13. අභිධර්ම මාර්ගය
නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදෑරීම සඳහා පිළියෙළ කර ඇති දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංග්‍රහය අනුව ලියවී ඇත.

14. වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
අකුශලයන්ගෙන් මිදීම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. —වත්ථ˜ සූත්‍රයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුශලාකාරයෙන් ඉදිරිපත්වී සිත රවටන ඒ චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤ්චක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වී ඇත. මේ පිළිබඳ ලියවුනු එකම පොතයි.

15. කෙලෙස් එක්දහස් පන්සීය
නොයෙක් වර අසන්නට ලැඛෙතත් මේ ගැන දන්නන් විරලය. කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන්ගේ අනේකාකාර විස්තර කරන පොතකි.

16. පට්ඨාන මහා ප්‍රකරණ සන්නය
පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්‍රකරණය උගතයුතු ආකාරය පැහැදිලි කරන මේ පොතෙහි ප්‍රස්තාවනාව කර්තෘගේ අබිදම් දැනුම ප්‍රකට කරයි.

17. අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය
අභිධර්මය ඉගෙනීම සඳහා මුලින්ම වනපොත් කරන අභිධර්මාර්ථ සංග්‍රහයට කළ සරල සිංහල අනුවාදයකි.

🔵 භාවනා කරන්නවුන්ට ප්‍රයෝජනවත් පොත්

18. චතුරාය්‍ය සත්‍යය
බුදුරජාණන් වහන්සේලා ලොව පහළවන්නේ චතුරාර්ය සත්‍යය දේශනා කරනු පිණිසය. ලොකෝත්තර මාර්ග ඵල ලැබීමට නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුය. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි සේ චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරන පොතකි.

19. විදර්ශනා භාවනා ක්‍රමය
කෙලින්ම නිවන් ලබා දෙන පිංකම විදර්ශනා භාවනායි¡ විදර්ශනා වඩන බොහෝ ක්‍රම අතුරින් පහසුවෙන් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමයක් වස්තර කරයි.

20. චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව
විදර්ශනා ඥානය දියුණු වීම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවීමට සුදුසු පොතකි.

21. සතිපට්ඨාන භාවනා ක්‍රමය
දැනට කඳුබොඩ ආදී විපස්සනා භාවනා මධ්‍යස්ථානවල පුහුණු කරන භවනා ක්‍රමය ධර්මානුකූලව විස්තර කරයි.

22. සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති
බෞද්ධ භාවනා ක්‍රම සමාජයේ පැතිරීමට විරෝධය පල කළ වුන්ට දුන් පිළිතුරු, රුවන්වැලි මහ සෑයට චූඩාමාණික්‍ය පැළඳවීම පිළිබඳ විස්තර, බෞද්ධ භාවනාව හා සරල නිවැරදි බුදු දහම ප්‍රචාරය කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය විස්තර ඇතුලත් පොතකි.

23. පටිච්ච සමුප්පාද විවරණය
හේතු-ප්‍රත්‍ය න්‍යාය පැහැදිලි කරන බුදු දහමේ ගඹුරු දහම් කොටස් විස්තර කරන පොතකි. සියලූ බෝසත්වරුන් බුදුවන දින රාත්‍රී පස්චිම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදාහරණ උපමා සහිතව විස්තර කර ඇත.

🟤 විනය අභිලාෂීන්ට හා පැවිදිවූ හිමිවරුන්ට පොත්

24. ශාසනාවතරණය
උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂූන් වහන්සේටත් සිල් මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසුය. පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවීම මැනවි.

25. උපසම්පදා ශීලය
විනය නොදැන උපසම්පදා වීම නපුරකි. උපසම්පදා ශීලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්‍රහ කරන පොතකි.

26. විනය කර්ම පොත
පැවිදි කිරීම හා උපසම්පදා කිරීම හා සීමා බන්ධනය කිරීම ආදී විනය කර්මයන් ගැන පැහැදිලි විස්තරයකි.

27. අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය
මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවාදයෙන් යුක්තයි.

🟣 ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක මණ්ඩලයෙන් ප්‍රකාශිත වෙනත් පොත්

28. මෙකල නිවුනු ඇත්තෝ
අතිගෞරවාහජ් රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් වසරකට පසු ප්‍රවීන ධර්ම දේශකයන් වහන්සේලා පැවැත් වූ සංවත්සර ධර්ම දේශනා 15 ක් සහ උපස්ථායක පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන‍ද නාහිමියන් මහනාහිමියන් පිළිබඳව කළ චරිත විවරණයකි.

29. සුරාධුර්තය හෙවත් මද්‍යලෝලය
වෛද්‍ය නීල් කෙසල් හා හෙන්රි වෝල්ටන් වියතුන් විසින් 1965 දී කළ පර්යේෂණ නිබන්ධයක සිංහල අනුවාදය. සුරාසුරන් ඉන් මුදවා ගැනීම සඳහා වූ උපදේශන ග්‍රන්ථයකි.

30. බුදුසසුන පුබුදු කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය සියවස, ශාස්ත්‍රීය සමරු කලාපය
ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට හා අතිගෞරවාහජ් රේරුකානේ මහනාහිමිපාණන්ගේ පැවිදි බවට වෂජ් 100 ක් සම්පූර්ණ වීම අරබයා 2006. 01. 08 දින ප්‍රකාශිත සමරු කලාපය. ශාසනික හා කාලීන වැදගත්කමින් යුත් ලිපි සංග්‍රහයකි.

31. ත‍දමර භදඉකැ එරමඑයි
රේරුකානේ මහනාහිමිපාණන්ගේ චතුරාය්‍යජ් සත්‍යය පොතේ ඉංග්‍රීසි අනුවාදයකි.

32. දීඝනිකාය ටීකාව
බුරුමයේ ඡට්ඨ සංගායනාවේදී සංගායනාවට පාත්‍ර වූ දීඝනිකාය ටීකාව සිංහල අකුරින් මද්‍ර‘තයි. (පාලි භාෂාවෙන්)